මකර තොරන අසලින් ගමන් ඇරඹෙන තැන සිට සිරිපා මලුවෙහි අනුරුව සාදා ඇති කඳු මුදුන දක්වා දුර කිලෝමීටර් එක හමාරක් පමණ බව ප්‍රදේශ වාසින් පැවසුවද නැරඹීම සඳහා එන අමුත්තෙකුට එය ඊට වඩා වැඩි දුරක් බව හැඟී යාම නොවැලැක්විය හැකි කරුණකි. එයට හේතුව මෙම කඳුකර මාර්ගයෙහි ඇති අති දුෂ්කර භාවයයි. කිහිප වතාවක් සිරිපා කරුණාකර ඇති අය පවා පවසන්නේ මෙම මාර්ගයෙහි සමහර තැන් සැබෑ ශ්‍රී පාද මාර්ගයටත් වඩා දුෂ්කර බවයි.
Wednesday, August 4, 2010
Monday, August 2, 2010
සිරිපා අනුරුව වෙත ගමන් මඟ
කන්දෙහි මඳක් දුර නැග ගත් පසු වටේට පිහිටා ඇති අනෙකුත් කඳු වැටි වල මනස්කාන්ත දර්ශණයන් දැක ගත හැකිය. සැබෑ ශ්‍රී පාද කන්දෙහි මෙන්ම රාත්‍රියට අධික ශීතලක්ද තද සුලඟක්ද මෙහි පවතී.
සිරිපා අනුරුව සාදා ඇති 'දියතාලි කන්දේ' ඉතිහාසය.
(පූජ්‍ය නොරගල්ලේ සෝරත හිමියන් විසින් සම්පාදිත "නමාමි" කෘතියෙන් උපුටා ගන්නා ලදී.)
රත්නපුර දිශාවේ නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වත්තහේන නම් සුන්දර ගම්පියසේ දක්නට ලැබෙන දියතාලි කන්ද පිළිබඳ තොරතුරු අප මනස පෙර රජ දවසට කැඳවා ලයි. පෙර වලගම්බා රජ දවස මෙම කඳු වැටියේම කොටසක සේනා රැස් කරවීය. එමෙන්ම රජු බිසෝවරුන්ද සමග රැන්දී සිටි ස්ථානයක් සේද සැලකේ. ඒ බැව් පුරා විද්‍යා ලේඛන හා නිදන් වදුලේ ස්ත්‍රී පුරය නමින් හැන්දින් වීමෙන් තහවුරු වේ. අදද පුරා විද්‍යාභාරයේ පවතින නටබුන්ද මෙමෙ ස්ථානයේ දක්නට ඇත. රත්නපුර දිශාවේ නොයෙක් කඳු වැටි දක්නට ඇතත් දිය ඇලි ඇද හැලෙන කඳු අතලොස්සකි. දියතාලි කඳු වැටියේ මීට සිය වසකට පමණ පෙර දිය ඇලි කිහිපයක්ම තිබූ අතර ඒ හේතුවෙන් මෙම නම පට බැඳෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.

Sunday, August 1, 2010
ශ්‍රී පාද අනුරුව
Subscribe to:
Posts (Atom)