Monday, August 2, 2010

සිරිපා අනුරුව සාදා ඇති 'දියතාලි කන්දේ' ඉතිහාසය.

(පූජ්‍ය නොරගල්ලේ සෝරත හිමියන් විසින් සම්පාදිත "නමාමි" කෘතියෙන් උපුටා ගන්නා ලදී.)

රත්නපුර දිශාවේ නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වත්තහේන නම් සුන්දර ගම්පියසේ දක්නට ලැබෙන දියතාලි කන්ද පිළිබඳ තොරතුරු අප මනස පෙර රජ දවසට කැඳවා ලයි.  පෙර වලගම්බා රජ දවස මෙම කඳු වැටියේම කොටසක සේනා ‍රැස් කරවීය.  එමෙන්ම රජු බිසෝවරුන්ද සමග ‍රැන්දී සිටි ස්ථානයක් සේද සැලකේ.  ඒ බැව් පුරා විද්‍යා ලේඛන හා නිදන් වදුලේ ස්ත්‍රී පුරය නමින් හැන්දින් වීමෙන් තහවුරු වේ.  අදද පුරා විද්‍යාභාරයේ පවතින නටබුන්ද මෙමෙ ස්ථානයේ දක්නට ඇත.  රත්නපුර දිශාවේ නොයෙක් කඳු වැටි දක්නට ඇතත් දිය ඇලි ඇද හැලෙන කඳු අතලොස්සකි.  දියතාලි කඳු වැටියේ මීට සිය වසකට පමණ පෙර දිය ඇලි කිහිපයක්ම තිබූ අතර ඒ හේතුවෙන් මෙම නම පට බැ‍ඳෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. 

No comments:

Post a Comment